ාණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් පොලිස්පති ධූරය සදහා හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා නැවතත් එම ධූරයට පත් කිරීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සී.ඩී.වික්‍රමරත්න මහතා හට යළිත් පොලිස්පති ධූරය සදහා සේවා දිගුවක් ලබාදීමටයි චීනයේ බෙයිජිං නුවර සිට අවශ්‍ය නියෝග නිකුත් කරනු ලැබුවේ.

මේ අතර පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා හට යළිත් සති 3 ක සේවා දිගුවක් ලබා දීමට ගත් තීරණය ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත නොකිරීම හේතුවෙන් නැවතත් ඔහුව ජනාධිපතිවරයා විසින් පත් කළේ කුමන අරමුණකින්ද යන්න පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් ආණ්ඩුවෙන් විමසා සිටියා.

https://www.vnews.lk/storage/2023/10/GAMMANPILA-EDIT.mp3?_=1

මේ ඒ සදහා පිළිතුරු ලබා දුන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා.

https://www.vnews.lk/storage/2023/10/DINESH-GUNAWARDANA-EDIT.mp3?_=2

ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත නොකළ පත් කිරීමක් ජනාධිපතිවරයා විසින් සිදු කර ඇති බවත් පොලිස්පති වරයා ලෙස සී.ඩී.වික්‍රමරත්න මහතාව පිළිගත නොහැකි බවටත් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහත පවසා සිටියා.

https://www.vnews.lk/storage/2023/10/ANURA-KUMARA-EDIT.mp3?_=3

මේ සදහා පිළිතුරු ලබාදෙමින් කතානායක මහින්ද යාපා අබේව්ධන මහතා කියා සිටියේ ජනාධිපතිවරයාගේ විධායක බලතල තුළට පොලිස්පතිවරයා පත් කිරිමේ බලතල ලබා දී ඇති බැවින් ව්‍යවස්ථාදායක සභාවේ එකඟත්වය නෙලැබුණද එය ජනාධිපතිවරයාට සිදු කළ හැකි බවයි.

https://www.vnews.lk/storage/2023/10/MAHINDA-YAPA-EDIT.mp3?_=4

WhatsApp Group

Skip to content