පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට සති 3ක කාලයක් සඳහා ජනාධිපතිවරයා විසින් ලබා දුන් සේවා දිගුව අනුමත නොකිරීමට ඊයේ රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත් එම තීරණයෙන් පැයක් ඇතුළත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යළිත් වරක් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට නැවතත් සති තුනක සේවා දිගුවක් ලබා දීමට පියවර ගෙනඇති බවයි වාර්තා වන්නේ.

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා පසුගිය මාර්තු 26 වැනිදා විශ්‍රාම යෑමට නියමිතව තිබුණා.

කෙසේවෙතත් ඒ මහතාට මාස 03 ක සේවා දිගුවක් ජනාධිපතිවරයා විසින් ලබාදී තිබූ අතර එම සේවා දිගුව අවසන් වූයේ පසුලිය ජුනි 26 වනදායි.

යළිත් වතාවක් තවත් මාස 03ක කාලයක් සඳහා පොලිස්පතිවරයා ලෙස සී.ඩී.වික්‍රමරත්න මහතා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ අතර ඊට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබා දුන්නේ එම මාස 3ක කාලය අවසානයේ නව පොලිස්පතිවරයෙකු පත් කළ යුතුය යන ස්ථාවරයේ සිටයි.

කෙසේ වෙතත් පසුගිය 13 වැනිදා පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාගේ අදාළ සේවා දිගුව අවසන් වීමත් සමග ජනාධිපතිවරයා විසින් ඔහුගේ සේවය යළිත් සති 3කට දීර්ඝ කරනු ලැබුවා.

 

WhatsApp Group

Skip to content