පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (11) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා හමුවිය.

ආරක්‍ෂක ලේකම්වරයා විසින් දේශබන්දු තෙන්නකෝන් මහතා ඉතා උණුසුම් ලෙස පිළි ගැනීමෙන් අනතුරුව නව පොලිස්පතිවරයාගේ පත්වීම සම්බන්ධයෙන් සිය උණුසුම් සුබ පැතුම් ද ඔහු වෙත එක් කළේය.

ඉන් අනතුරුව ජාතික ආරක්‍ෂාව මෙන්ම නීතිය සහ සාමය සම්බන්ධයෙන් වැදගත් වන කරුණු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කරමින් සුහද සාකච්ඡාවක ද නිරත විය.

දේශබන්දු තෙන්නකෝන් මහතා ශ්‍රී ලංකාවේ 36 වැනි පොලිස්පතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ අතර ඔහු පසුගිය පෙබරවාරි 29 වැනි දින පොලිස් මූලස්ථානයේදී නව තනතුරේ වැඩ භාරගනු ලැබීය.

මෙම හමුවෙහි සුවිශේෂිත්වය සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණ. ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් ධම්මික වෙලගෙදර ද මෙම හමුවට එක් විය.

WhatsApp Group

Skip to content