වැඩ බලන පොලිස්පතිවරයකු පත් කිරීමෙන් තමන් වැලකි සිටින බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් අද පෙරවරුවේ කථානායකවරයා වෙත මේ බව දැනුම් දී ඇති බව සඳහන්.

ඉදිරි ජනාධිපතිවරණ සමය තුළදී සති දෙකකට වරක් වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීමට සිදු වුවහොත් එම කරුණ මත පදනම්ව තමාට මැතිවරණ පෙත්සම් ඉදිරිපත් විය හැකි බවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නීති උපදෙස් ලැබී තිබෙනවා.

ඒ අනුව තමා මෙම කටයුතුවලට මැදිහත්වීමෙන් වැළකී සිටින බවයි ජනාධිපතිවරයා කථානායකවරයා වෙත දැනුම් දී ඇත්තේ.

WhatsApp Group

Skip to content