රට තුළ පොල් නිෂ්පාදනයේ අඩුවීමක් ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා පවතිනු ඇති බව පොල් පර්යේෂණ ආයතනය පවසනවා.

එහි අධ්‍යක්ෂ ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය සඳහන් කළේ, පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මෙරට පොල් නිෂ්පාදනයේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබෙන බවයි.

නිසි කලට වර්ෂාපතනය නොලැබීම සහ උෂ්ණත්වය ඉහළ යාම පොල් නිෂ්පාදනය අඩුවීමට හේතු වී ඇති බවයි නයනි ආරච්චිගේ මහත්මිය වැඩිදුරටත් සදහන් කළේ.

WhatsApp Group

Skip to content