දේශීය පොල්තෙල් නිෂ්පාදන කර්මාන්ත ශාලා 3000ක් රැක ගැනීම සඳහා ඉදිරියේ දී සැලසුම් ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධව යෝජනාවලියක් ඉදිරිපත් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා දේශීය පොල්තෙල් නිෂ්පාදන කර්මාන්තකරුවන්ට සහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

දැනට මෙරට වාර්ෂික පාරිභෝජනය සඳහා අවශ්‍ය පොල්තෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 290,000කි. නමුත් දැනට නිෂ්පාදනය කරනුයේ මෙට්‍රික් ටොන් 40,000ක් පමණි. ඉතිරි අවශ්‍යතාවය වන පොල්තෙල් මෙට්‍රික් ටොන් 250,000ක ප්‍රමාණය  පොල්තෙල්, පිරිපහදු කළ හා නොකළ තෙල් වශයෙන් මෙරටට ආනයනය කරනු ලබයි.

මේ වනවිට පොල්තෙල් සඳහා පනවා ඇති වැට් බද්ද පිළිබඳව මුදල් අමාත්‍යාංශය විශේෂ සාකච්ඡාවක් කරන බව අමාත්‍යවරයා කීය.

WhatsApp Group

Skip to content