මෙරටින් පොල්වතුර අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසය වනවිට රුපියල් මිලියන 3439ක ආදායමක් ඉපයීමට හැකි වී තිබේ. පොල් සංවර්ධන අධිකාරියේ දත්ත අනුව පසුගිය වසරේ පෙබරවාරි මාසය තුළ පොල්වතුර අපනයනය කිරීම මගින් උපයා ඇති මුදල රුපියල් මිලියන 2705කි.

ඒ අනුව පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ පෙබරවාරි මාස වනවිට රුපියල් මිලියන 734ක අපනයන ආදායමේ ඉහළයාමක් පෙන්නුම් කර ඇතැයි පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා මහතා පවසයි.
ඊයේ (25) කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දී මෙම කරුණු අනාවරණය විය.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනසත්ත්ව හානිය නිසා වාර්ෂිකව අහිමිවන පොල්ගෙඩි මිලියන 300ක පමණ ප්‍රමාණය ද රැක ගැනීමට හැකිවන්නේ නම් මීට වැඩි ආදායමක් උපයා ගැනීමට හැකි වන බවත්, එමගින් පොල්වගාකරුවන්ගේ ආදායම තවදුරටත් ඉහළ නැංවීමට හැකිවන බවත් අවධාරණය කළේය.

WhatsApp Group

Skip to content