පොල්පිටිය සමනල ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ විදුලි උත්පාදක යන්ත්‍රවල අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්.

සමනල ජල විදුලි බලාගාරයෙන් මොගාවොට් 75ක විදුලි ධාරිතාවක් උත්පාදනය කෙරෙනවා.

ලක්ෂපාන ජල විදුලි බලාගාරයෙන් ජල විදුලි උත්පාදනය සදහා ලබා ගන්නා ජලය ලක්ෂපාන පොකුණු ජලාශයේ සිට උමං මාර්ගයක් ඔස්සේ සමනල ජල විදුලි බලාගාරය වෙත රැගෙන යනු ලබනවා.

කෙසේවෙතත් සමනල ජල විදුලි බලාගාරයේ විදුලි උත්පාදනය නතර කිරීමත් සමග එම ජලය කැළණි ගඟට මුදා හැරීමටයි ලක්ෂපාන බලාගාරයේ පාලනාධිකාරිය පියවර ගෙන ඇත්තේ.

WhatsApp Group

Skip to content