රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඇතු`ඵ වෘත්තිය සංගම් කිහිපයක් විරෝධතාවක් පැවැත්වීම හේතුවෙන් පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය අවහිර වී තිබෙනවා.

මෙහිදි විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක් ද මතුව ඇති බවයි වාර්තා වන්නේ.

ඉහළ ආදායම් බදු ප්‍රමාණයක් අය කිරීමට විරෝධය පළ කරමිනුයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම විරෝධතාවය ආරම්භ කරනු ලැබුවේ.

මෙම විරෝධතා ක්‍රියාමාර්ගය සඳහා වෛද්‍ය, ඉංජිනේරු, බැංකු ඇතුළු ක්ෂේත්‍ර   රැසක වෘත්තීයවේදීන් සහභාගී වී තිබෙනවා.

WhatsApp Group

Skip to content