පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රිෂීියා ස්කෝට්ලන්ඩ් මහත්මිය සහ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා අතර හමුවක් පාර්ලිමේන්තු සභානායක කාර්යාලයේදී පැවැත්වුනා.

මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ කාලීන ප්‍රවනතා පිළීබඳ අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී මහලේකම්වරිය දැනුවත් කරනු ලැබුවා.

කඩිනම් අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලියකට අධ්‍යාපන අමාත්‍යංශය මුලික පියවර ගෙන තිබෙනවා.

කාලීන වැදගත්කමකින් යුත් විෂයයක් ලෙස දේශගුණික විපර්යාස පිළිබඳ සිසුන්ට අවබෝධයක් දීිම සදහා එය පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇතැයි ඇමතිවරයා සදහන් කලා.

WhatsApp Group

Skip to content