පුර්ව ළමාවිය සංවර්ධනය ඉහළ නංවාලීම උදෙසා පෙර පාසල් ගුරුවරුන් වෙනෙුවෙන් විධිමත් පුහුණුවක් ලබා දීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා.

පෙර පාසල් ගුරුවරුන් වෙනුවෙන් වැටුපක් ලබා දීම කෙරෙහිද රජයේ අවධානය යොමුව ඇති බවයි ගීතා කුමාරසිංහ මහත්මිය සදහන් කළේ.

පෙර පාසලක් ආරම්භ කිරීම යම් නීති රාමුවකට යටත්ව සිදුකළ යුතු බව ද රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය සදහන් කළා.

WhatsApp Group

Skip to content