ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර මංගල්‍යය හේතුවෙන් කතරගම පුදබිම අවට පාසල් 05ක් වසා දැමීමට තීරණය කර තිබෙනවා.
කතරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසන්නේ පෙරහැර මංගල්‍යය සඳහා සහභාගි වන ආරක්ෂක අංශයේ නිලධාරීන්ගේ සහ අනෙකුත් කණ්ඩායම් වල නවාතැන් පහසුකම් සදහා මෙම පාසල් වසා දැමීම සිදුකරන බවයි.

ඒ අනුව දෙටගමුව කනිෂ්ඨ විද්‍යාලය,කතරගම ජාතික පාසල,සෙල්ල කතරගම මහා විද්‍යාලය,සශීන්ද්‍ර කුමාර ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය සහ ගෝතමී ගම කනිෂ්ඨ විද්‍යාලය එලෙස වසා තැබෙන බව සඳහන්.

අදින් ඇරඹෙන කතරගම පෙරහැර මංගල්‍ය අද සිට දින 16ක් පුරාවට පෙරහැර පැවැත්වීමට නියමිත අතර, ලබන 22 වනදා අලුයම මැණික් ගඟේ දිය කැපීමෙන් පසු නිමාවට පත්වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content