බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහර මංගල්‍යය පැවැත්වෙන අද දිනයේදිත් ඒ ආශ්‍රිත ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස් අධිකා රි නිහාල් තල්දූව මහතා සදහන් කළේ අද සිට එළඹෙන 20 වනදා දක්වා කාලසීමාවේදී රාත්‍රී 7 ට බෙල්ලන්විල විහාරස්ථානයෙන් එම පෙරහර ගමන් ආරම්භ කර වීදි සංචාරය කිරීමට නියමිත බවයි.

ඒ අනුව එළඹෙන 20 වනදා දක්වා පෙරහර ගමන් ගන්නා කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රියදුරන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

 

https://www.vnews.lk/storage/2023/08/NIHAL-THALDUWA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content