පෙරපාසල් ගුරුවරුන් සදහා සහනදායි ණය සහනයක් ලබා දීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා පවසනවා.

ඒ අනුව සමාද්ධි බැංකුව මගින් සහනදායි පොලි අනුපාතිකයක් යටතේ ණය ලබා දීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.

පෙරපාසල් ගුරුවරුන්ගේ වෘත්තිය සමිති සමග පැවති සාකච්ඡාවකට එක්වෙමින් අනුප පැස්කුවෙල් මහතා මේ බව ප්‍රකාශ කළා.

අදාළ සහන ණය ලබා දීමේ වැඩසටහනේ පළමු අදියර කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බවයි රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවෙල් මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content