2023 එක්දින ලෝක කුසලනා ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති පුහුණු තරග දෙකම අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ අතහැර දැමුණා.

ඉන්දියාව සහ එංගලන්තය අතර තරගය ආරම්භ කිරීමට ඊයේ දිනයේදී නොහැකිවී තිබුණා.

කෙසේවෙතත් ඔස්ටේ්‍රලියාව සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර පැවැති පුහුණු තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රමාද වී ආරම්භ වුණා.

පන්දුවාර 23කට සීමා වු තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ්‍රලියානු කණ්ඩායම පන්දුවාර 23 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 166ක් රැස් කළා.

ස්ටීවන් ස්මිත් ලකුණු 55ක් සහ කැමරන් ග්‍රීන් ලකුණු 34ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ නෙදර්ලන්තය වර්ෂාව හේතුවෙන් තරගය නවතා දමන විට පන්දුවාර 14 යි පන්දු 2 කදී කඩුලු 06ක් දැවී ලකුණු 84ක් ලබා සිටියා.

ඔස්ටේ්‍රලියාව වෙනුවෙන් පන්දු යැවීමේදී මිචෙල් ස්ටක් කඩුළු ත්‍රිත්වයක් ලබා ගැනීම විශේෂත්වයක්.

 

WhatsApp Group

Skip to content