පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් මහව, රටේහිනුක්වැව ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක කැනීම් කළ පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහව පොලිස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුක් අනුව සිදු කළ වැටලීමකදී සැකකරුවන් සමග ගල්විදින යන්ත්‍ර 02ක්, විදුලි ජනක යන්ත්‍රයක් සහ උදලු 01ක් සිය භාරයට ගත් බවයි පොලීසිය සදහන් කළේ.

අත් අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරු 35ත් 45ත් අතර වයස් වල පසුවන හූරියගස්වැව, තලාව, කලංකුට්ටිය යන ප්‍රදේශ වල පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද මහව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content