හෝමාගම පිටිපන සුව පුබුදුගම ප්‍රදේශයේදී බස් රථයක් පෙරළී සිදු වූ අනතුරකින් එහි ගමන් ගත් මගියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවත් මගීන් 13 දෙනෙකු තුවාල ලබා ඇති බවටයි පොලිසිය පැවසුවේ.

තුවාල ලැබූ පුද්ගලයින් හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

හෝමාගම පොලිසිය පවසන්නේ රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙලෙස බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වී ඇති බවයි.

WhatsApp Group

Skip to content