ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධාන කරන ලද පුනර්ජනනීය බලශක්ති සහයෝගීතාවය තුළින් ඉන්දියාව සහ ශ්රී ලංකා සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳ වැඩසටහන ඊයේ (11) පැවැත්විණ.
ඒ විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතාගේ ප්රධානත්වයෙනි.
ඉන්දියාවේ නව සහ පුනර්ජනනීය බලශක්ති අමාත්යාංශයේ සහ ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ (CII) සහාය ඇතිව සංවිධාන කරන ලද මෙම උත්සවයට ඉන්දියාවේ සහ ශ්රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති අංශයේ සංවර්ධකයින්, ආයෝජකයින්, නිලධාරීන් සහ පාර්ශවකරුවන් එක් විය.
ක්රියාත්මක කරන ලද ව්යාපෘති, අත්දැකීම්, ප්රතිපත්ති සැලසුම්, නව තාක්ෂණය, අභියෝග, අංශ ඉලක්ක සහ විභව ආයෝජන පිළිබඳව සංසදයේ දී සාකච්ඡා කෙරිණි.

WhatsApp Group

Skip to content