පදවිය මහසෙන්පුර දී යතුරුපැදියකින් නිවසට පැමිණ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතු`ඵ පුද්ගලයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 16 වන දා රාත්‍රීයේ මෙම ඝාතනය සිදුව තිබූ අතර එහිදි 38 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වු බවයි පොලිසිය සදහන් කළේ.

මෙහිදි සිදුකළ පරීක්ෂණවලදී පළමුවෙන් යතුරුපැදිය පැදවූ පුද්ගලයා සහ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඊට අධාර අනුබල දුන් කාන්තාව සහ අනෙක් පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

WhatsApp Group

Skip to content