ත්‍රිකුණාමලය ගෝමරන්කඩවල ප්‍රදේශයේ මී කැඩිමට ගිය පුද්ගලයින් තිදෙනෙකු වළසෙකුගේ ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ ගෝමරන්කඩවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සදහන් කළේ.

ඔවුන් ත්‍රිකුණාමලය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

රොහල් ගතකළ පුද්ගලයින්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.

මේ අතර හන්තාන කන්ද තරණය කිරීමට ගොස් බඹර ප්‍රහාරයකට ලක්ව අතුරුදන්ව සිටි සිසුන් පිරිස සොයාගෙන තිබෙනවා.

ඒ යුද හමුදා නිලධාරීන් සහ පොලිසිය එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකින් පසුවයි.

බඹර ප්‍රහාරයකට ලක්වු සිසුන් 42 දෙනෙකු තවදුරටත් මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

WhatsApp Group

Skip to content