පළමුවරට දේශ සීමා විවෘත වීමත් සමඟ ඊශ්‍රායල – පලස්තීන යුද්ධයට මැදිවී සිටි විදේශිකයන් 335 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 400ට වැඩි පිරිසක් ගාසා තීරයෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ඊජිප්තුවේ රෆා හරස් මාර්ගය ඔස්සේ මෙම පිරිස පිටත්ව ගොස් ඇති අතර, මීට අමතරව තවත් තුවාල ලැබූ පුද්ගලයන් 76 දෙනෙකුද පිටත්ව ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම විදේශිකයන් අතර අමෙරිකානු සහ බි්‍රතාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමි විශාල පිරසක් වන බව සදහන්.

රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ ප්‍රතිඵලයක් ලෙස මෙම පිරිස ගෙන්වා ගැනීමට හැකි වූ බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content