මෙරට පළාත් සභා සහ මධ්‍යම රජය යටතේ පාලනය වන රජයේ රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව සහ ඉහළ පහසුකම් වලින් සමන්විත රෝගී සත්කාර සේවා සමගින් පවත්වා ගෙන යාම මුලික අරමුණ කර ගනිමින් දිස්ත්‍රික්ක මට්ටමින් එම රෝහල් වල පවතින අඩුපාඩු සොයා බලමින් සහ කඩිනම් විසදුම් ලබා දෙමින් මෙරට ජනතාවට ගුණාත්මක විධිමත් සෞඛ්‍ය සේවාවක් ලබාදීමට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ අදහසකට අනුව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.

එම වැඩපිළිවෙලට සමගාමීව ඊයේ (16) පුත්තලම සහ ගල්ගමුව යන මුලික රෝහල් වල විශේෂ නිරීක්ෂණයක සෞඛ්‍ය අමාත්‍යවරයා නිරත වු අතර එහි දී රෝහලේ බාහිර රෝගී අංශය, සායන, වාට්ටු, මුළුතැන්ගෙය, රසායනාගාරය, ඖෂධ ගබඩා, ශල්‍යාගාර, හදිසි ප්‍රතිකාර ඒකක, සහ විශේෂ ඒකක නිරික්ෂණයට ලක් කෙරිණි.

නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව රෝහල් කාර්ය මණ්ඩලය සමඟ විශේෂ සාකච්ජාවක නිරත වෙමින් කාර්ය මණ්ඩලයට පවතින රාජකාරී ගැටලු හා අනෙකුත් ගැටලු පිළිබදව විමසීමට මෙන්ම ඒවාට විසදුම් ලබාදීමට ද සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු කරන ලදී.

WhatsApp Group

Skip to content