පොසොන් පොහොය නිමිත්තෙන් පුජා භූමි කේන්ද්‍ර කරගනිමින් විශේෂ ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන්නැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ලංකා ගමනාගමන මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව අතිරේක බස් රථ 500ක් අදාළ කාලය තුළ ජනතාවගේ පහසුව සඳහා ධාවනය කිරීමටයි ලංකා ගමනාගමන මණ්ඩලය පියවර ගෙන ඇත්තේ.

මිහින්තලය, අනුරාධපුර අටමස්ථානය සහ තන්තිරිමලේ ඇතුළු සිද්ධස්ථාන කේන්ද්‍ර කරගනිමින් මෙම විශේෂ ප්‍රවාහන සැලස්ම ක්‍රියාත්මක වනු ඇති.

මේ අතර අද සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එම්.ජේ ඉදිපොලගේ මහතා කියා සිටියේ අද සිට ලබන 06 වනදා දක්වා විශේෂ දුම්රිය ගමන් වාර 12ක් ක්‍රියාත්මක බවයි.

 

WhatsApp Group

Skip to content