දකුණු චීන මුහුදේ මතභේදාත්මත ප්‍රදේශයකට ධීවර යාත්‍රා අතුළුවීම වැළැක්වීම සදහා චීනය පාවෙන බාධකයක් සවිකර ඇති බවට පිලිපීනය චෝදනාවක් එල්ල කර තිබෙනවා.

මෙහිදී මීටර් 300ක පාවෙන බාධකයක් දැමීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මේ හේතුවෙන් පිලිපීන ධීවරයන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා.

මේ අතර මෙලෙස පාවෙන බාධක යෙදූ ප්‍රදේශයේ විශාල තෙල් හා ගෑස් ඇති  බවට විශ්වාසයක් පවතින බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

WhatsApp Group

Skip to content