පිලිපීනයේ ඇල්බේ ප්‍රාන්තයේ පිහිටි මයෝන් නැමති ගිනි කන්ද සක්‍රීය වී තිබෙනවා.

මේ හේතුවෙන් 13,000 කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ගිනි කන්දේ සිට කිලෝමීටර 3 ක වපසරියක සිටින පිරිස් ඉන් ඉවත් කර තිබෙනවා.

මීට පෙර 2013 සහ 2018 වසරවලදී මෙම ගිනි කන්ද සක්‍රීය වූ අතර 1814 වසරේදී පුද්ගලයින් 1,200 ක් මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පිළිපීනයේ ඇති සක්‍රීයම ගිනි කන්ද මෙය වනවා.

WhatsApp Group

Skip to content