පිරමීඩ මුදල් ගනුදෙනු සහිත යෝජනා ක්‍රමවලට සහභාගීවීම දඩුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා .

මේ වනවිට තහනම් යෝජනා ක්‍රම පවත්වාගෙන යන සහ පවත්වාගෙන ගොස් ඇති බවට හඳුනාගත් ආයතන 9 ක් තහනම් කිරීමට පියවර ගෙන ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ.

එමෙන් ම පිරමීඩාකාර ව්‍යාපාර සඳහා බැංකු පනතේ 83 ඈ වගන්තිය යටතේ අපරාධමය නඩු කටයුතු පැවරීමට හැකියාව පවතින බැවින් ඒ පිළිබඳව සලකා බලන ලෙස නීතිපතිවරයා වෙත ඉල්ලීමක් කර ඇති බවද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

යම් හෙයකින් තහනම් කරන ලද පිරමීඩ යෝජනා ක්‍රමයක් සෘජුව හෝ වක්‍රව ආරම්භ කිරීම, පිරිනැමීම, ප්‍රවර්ධනය කිරීම, ප්‍රචාරණය කිරීම, පැවැත්වීම, කළමනාකරණය හෝ මෙහෙයවීම සිදුකරන ඕනෑම පුද්ගලයෙකුට දඬුවම් පැමිණවීමේ හැකියාව පවතිනවා.

 

WhatsApp Group

Skip to content