පිරමීඩ ජාවාරම් ක්‍රමය ක්‍රියාත්මක කරන්නන්ට හෝ ඒවාට සම්බන්ධ අයට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය තීරණය කර තිබෙනවා.

දණ්ඩ නීති සංග්‍රහය යටතේ එසේ නීතිමය පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළා.

පිරමීඩ ක්‍රමය යනු, ව්‍යාපාරික ක්‍රමයක් නොවන බවත් එය අපරාධමය ක්‍රියාවක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

1988 අංක 30 දරන බැංකු පනත ප්‍රකාරව මහ බැංකුව විසින් මෙම පිරමීඩ ජාවාරම තහනම් කර තිබෙනවා.

එබැවින් මෙම පිරමීඩ ක්‍රමය සඳහා අපරාධ නීතිය බලපාන බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

WhatsApp Group

Skip to content