චීනයේ වයඹ දිග යෙන් චුන් ප්‍රාන්තයේ අවන්හලක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් තිස් දෙදෙනෙකු මිය ගොස් තවත් 7 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

චීනයේ බාබකිව් භෝජනාගාරයක සිදුවූ ගෑස් ටැංකි අනතුරක් හේතුවෙනුයි මෙලෙස විශාල පිරිසක් මියගොස් ඇත්තේ.

මේ පිළිබදව චීන ජනාධිපති ෂී ජින් පින් නියෝග කළේ එවැනි ස්ථාන සඳහා දැඩි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බවත් සහ පවතින ක්‍රමවේද තවදුරටත් ශක්තිමත් කරන ලෙසයි .

 

WhatsApp Group

Skip to content