දකුණු උරහිසෙහි සුළු ආබාධයකට ලක් වූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු කුසල් පෙරේරාගේ වෛද්‍ය වාර්තා නිකුත් වී තිබෙනවා.
පසුගිය 29 වැනිදා බංග්ලාදේශය සමග පැවැති පුහුණු තරගයේ දී යි කුසල් සුළු ආබාධයකට ලක් වුණේ.

අනතුරුව ඔහු වෛද්‍ය පරීක්ෂණ සදහා යොමු කෙරුණු අතර, එහිදී අනාවරණය වී ඇත්තේ ඔහුගේ ආබාධය බරපතල තත්ත්වයක නොමැති බවයි.

ඒ අනුව ඔහුට ගැටලුවකින් තොරව මෙවර ලෝක කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට හැකි වනවා.

ඔක්තෝබර් 5 වැනිදා ආරම්භ වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන දෙවැනි හා අවසන් පුහුණු තරගය හෙට දිනයේදී ඇෆ්ඝනිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 7 වැනිදා පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකාවට එරෙහිවයි.

WhatsApp Group

Skip to content