පිටිගල, ගුරුවෙල හන්දිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අධාර අනුබල දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය 11 වැනිදා සිදු කළ මෙම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයන් තිදෙනෙකු බරපතල තුවාල ලැබුවා.

ඒ අනුව සිදු කළ විමර්ශන වලදී ඇල්පිටිය, කහදුව ප්‍රදේශයේදී මෙම පුද්ගලයා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 250ක් සමග අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු 31 හැවිරිදි කහදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් පිටිගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content