ගත වූ පැය 48ක කාලය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් බාල වයස්කරුවන් පස් දෙනෙකු ඇතුළුව පුද්ගල අතුරුදන්වීම් 11ක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව පොලිසිය පවසනවා.

මෙම පිරිස අතර අතුරුගිරිය ප්‍රදේශයේ මෙහෙණි ආරාමයක වැඩවිසූ 14 සහ 15 වයස්වල පසුවන මෙහෙණින් වහන්සේලා දෙනමක්, බිබිල ප්‍රදේශයේ බාලිකා නිවාසයක රඳවා සිටි දහසය වියැති දැරියන් දෙදෙනෙකුත් වනවා.

මෙ පිරිස ඉකුත් 3 වැනිදා සිට ආගාවිතය අතක් නොමැති බවටයි පොලිසියට පැමිණිලි ලැබී ඇත්තේ.

එලෙස අතුරුදන් වූ බිබිල ප්‍රදේශයේ 16 හැවිරිදි දැරියන් දෙදෙනා ප්‍රදේශයේ පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියන් දෙදෙනෙකි.

මෙම සිසුවියන් දෙදෙනා පාසලේ පන්ති කාරමයේ පොත් බෑග් තබා පාසලෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් එදින බාලිකා නිවාසයට නොපැමිණි හෙයින් එහි පාලිකාව ඒ සම්බන්ධයෙන් බිබිල පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

මේ අතර වැලිමඩ අම්බේගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 14 වියැති පාසල් සිසුවෙකුද ආගිය අතක් නොමැති බවට සිසුවාගේ මව්පියන් ඌව පරණගම පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

එමෙන්ම පේරාදණිය පාර, බෝයගම පදිංචි 23 හැවිරිදි හෝටල් සේවකයකු, කිරුළපන ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි රියදුරෙකු, කන්තලේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයකු, එරගම ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයකු, යාපනය සෙල්වනගර් ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙකු සහ කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණියකද මෙලෙස අතුරුදන්ව සිටින පිරිස අතරට අයත්

WhatsApp Group

Skip to content