යුක්තිය දෙවන් අදියර යටතේ ගතවු පැය 24 තුළ දිවයින පුරා සිදුකරන ලද මෙහෙයුම් වලින් අපරාධකරුවන් 1426 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 86ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් භාරයට ගෙන ඇති බවයි.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 1403 දෙනා අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 213 ක් සිටින බව සඳහන්.

පාතාලය මැඩලීමේ යුක්තිය මෙහෙයුම යටතේ ඊයේ දිනය තුළ පාතාල අපරාධකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මේ දක්වා ලේඛනගත පාතාල අපරාධකරුවන් 795 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content