පැපුවා නිව්ගිනියාවේ රික්ටර් පරිමාණයේ 7යි දශම බිංදුවක ප්‍රබල භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වෙවාක් වෙරළබඩ නගරයේ සිට කිලෝමීටර් 97ක් දුරින්, කිලෝමීටර් 62ක් ගැඹුරට මෙම භූ කම්පනය සිදුව ඇති බවයි එම වාර්තා වල සදහන් වන්නේ.

මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතරු ඇගවීම් සිදු කර නොමැති අතර, භූ කම්පනයෙන් සිදු වූ හානිය පිළිබද මෙතෙක් වාර්තා වී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content