පැපිලියාන ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ මුරකරු ඝාතනයේ ප්‍රධාන සැකකරු සම්බන්ධයෙන් තොරතුරු රැසක් වාර්තා වනවා.

සැකකාර 17 හැවිරිදි තරුණයා ඔහුව සපා කෑ සුනඛයෙකු ගේ ගෙල කපා හිමිකරුගේ වත්තට දැමීම සහ ඔහුගේ මවට පහරදී අත කඩා දැමීමේ චෝදනාවට ලක් වූවකු බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

මෙම ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ මුරකරු ලෙස සේවය කළ අළුබෝමුල්ල පමුණුගම පදිංචිව සිටි සික්කු හේවගේ පියදාස ඩයස් (80) යන අය ඉකුත් 15 දා ඝාතනය කර තිබුණා.

මෙම සැකකාර 17 හැවිරිදි තරුණයා පවත්වාගෙන යන පෙම් සබඳතාවයක් මුරකරු විසින් එම මධ්‍යස්ථානයේ කළමනාකාරිණියට දැනුම් දීම ඝාතනයට හේතුවක් බව පැවසෙනවා.

WhatsApp Group

Skip to content