තායිලන්තයේ පැවති 37 වන ” සෙපක්තක්රෝ ”( Sepaktakraw ) ලෝක ශූරතා කින්ග්ස් කප් තරගාවලියට ( Kings Cup ) සහභාගී වූ , ශ්‍රී ලංකා සෙපක්තක්‍ රෝ කණ්ඩායම , එහි ඉසව් 05 කින් ලෝකඩ පදක්කම් 05 ක් , ශ්‍රී ලංකා සෙපක්තක්රෝ ඉතිහාසයේ පළමු වරට  දිනා ගෙන  09/10 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
මෙම තරගාවලිය තායිලන්තයේ ,කොරාත් නුවර , ලෝකයේ රටවල් 29 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 750 ක පමණ පිරිසකගේ සහභාගීත්වයෙන් ඉකුත් 09/01 දින සිට 09/08 දින දක්වා පවත්වා තිබුණි .
සෙපක්තක්රෝ යනු පාද උපයෝගී කර ගෙන සිදු කෙරෙන වොලිබෝල් ක්‍රීඩාවක් බවත් , මෙම ක්‍රීඩාව තායිලන්තයෙන් ආරම්භ වී අග්නිදිග ආසියාව පුරා පැතිර ගිය , ව‍ර්තමානයේ බටහිර රටවල් කික් වොලිබෝල් ( Kick Volleyball ) ලෙස ද හදුන්වන ක්‍රීඩාවක් වේ.
වොලිබෝල් ක්‍රීඩාවට අදාල සියලුම නීතිරීති මෙම ක්‍රීඩාවට  ඒ ආකාරයෙන්ම අදාල වන බව ශ්‍රී ලංකා සෙපක්තක්රෝ ක්‍රීඩා සම්මේලනයේ සභාපති නිලාම් හලාල්ඩීන් මහතා කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය .
 මෙම ශ්‍රී ලංකා කණ්ඩායම , මෙම තරගාවලියේ දී කාන්තා ඉසව් 03 ක් සහ පිරිමි ඉසව් 02 ක් සදහා ලෝකඩ පදක්කම් 05 ක් දිනා ගැනීමට සමත් වී තිබුණි .
ඔවුන් 09/10 දින රාත්‍රී 10.30 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ඒ.කේ.- 047 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

WhatsApp Group

Skip to content