දේශීය ණය ප්‍රශස්ථකරණය ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනා සම්මතය වෙනුවෙන් පැවති ඡන්ද විමසීමට පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා සහභාගි වී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය අද මේ බව දැනුම් දී ඇති බව සදහන්.

ඡන්දය විමසන අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා සභාගර්භයේ නොසිටි බවට මාධ්‍ය මගින් පළ වූ වාර්තා අසත්‍ය බව ද ඇය සදහන් කර තිබෙනවා.

ඔහු යෝජනා සම්මතයට පක්ෂව ඡන්දය භාවිත කොට ඇති බවයි පාර්ලිමේන්තුවේ මහලේකම්වරිය පැවසුවේ.

WhatsApp Group

Skip to content