2019 අප්‍රේල් 21 දින සිදුවූ බෝම්බ ප්‍රහාර පිළිබඳ ලැබුණු පූර්ව බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය (SIS), ජාතික බුද්ධි ප්‍රධානී (CNI) සහ අනෙකුත් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විමර්ශන කමිටුවක් පත් කර තිබේ.

විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඒ. එන්. ජේ. ද අල්විස් මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් මෙම විමර්ශන කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන කේ. එන්. කේ. සෝමරත්න මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ නීතීඥ ඩබ්. එම්. ඒ. එන්. නිෂේන් මහතා පත් කර තිබේ.

මෙම විමර්ශන කමිටුවේ ලේකම් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සාරතාංජලී මනෝහරන් මහත්මිය කටයුතු කරයි.

2019 අප්‍රේල් 21 වන දින සිදුවූ බෝම්බ ප්‍රහාරය පිළිබඳ ඉන්දීය ඔත්තු සේවා ආයතන සහ වෙනත් මූලාශ්‍ර මඟින් ලද පූර්ව තොරතුරු හෝ බුද්ධි තොරතුරු මත රාජ්‍ය බුද්ධි සේවය (SIS), ජාතික බුද්ධි ප්‍රධානී (CNI) සහ අනෙකුත් අදාළ බලධාරීන් විසින්, ක්‍රියාමාර්ග ගෙන තිබේද යන්න පිළිබඳ මෙන්ම එසේ ක්‍රියාමාර්ග ගෙන තිබේ නම් ඒවා ප්‍රමාණවත්ද යන්න කමිටුව මඟින් විමර්ශනය කිරීමට නියමිතය.

WhatsApp Group

Skip to content