කොළඹ කිංස්බරි හෝටලයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ සිද්ධියට අදාළ සැකකරුවෙකු ඇප මත මුදා හැර තිබෙනවා.

සැකකරු මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ අභියාචනාධිකරණය මගින් නිකුත් කළ නියෝගයකට අනුවයි.

රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වු ශරීර ඇප දෙකක් මතයි සැකකරු මුදැහැර ඇත්තේ.

වැඩිදුර නඩු විභාගය ලබන 27 වනදා සිදුකිරීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content