පාසල් ළමුන් අතර පැතිරි යන ඇස් රෝගය තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සදහා අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම පාසල්වලට උපදෙස් ලබා දී තිබෙනවා.

අක්ෂි පටල ප්‍රදාහය නමින් හඳුන්වන මෙම රෝගය වෛරසයක් හේතුවෙන් ව්‍යාප්ත වන අතර ඇස්වල වේදනාව, කදුලු ගැලීම, ඇස් මදක් රතු වීම හා ඇස් කැසීම එහි රෝග ලක්ෂණ වනවා.

කොටහේන මධ්‍ය මහා විද්‍යාලයේ දරුවන් අතර ඇස් රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් පන්ති කාමර කිහිපයක් වසා දැමීමටයි තීරණය කර ඇත්තේ.

එමෙන්ම බිබිල අධ්‍යාපන කලාපයට අයත් පාසලක සිසුන් කිහිප දෙනෙකුටද ඇස් රෝගය වැළදී ඇති බව සදහන්.

මේ හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිකුත් කර ඇති නිවේදනයකට අනුව ඇස් ස්පර්ශ කිරීමෙන් වැළකී නිතර සබන් යොදා දෑත් පිරිසිදු කිරීම, ආසාදිත පුද්ගලයෙකු සිටී නම් ඇස් ඇල්ලීමෙන් වැළකීම, නාන තටාක භාවිතයෙන් වැළකී සිටීම යන කරුණු වැදගත් වනවා.

එමෙන්ම ඇස් රෝගය පාසලේ සිසුන් අතර නිරීක්ෂණය වන්නේ නම් වහාම ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා දැනුවත් කරන ලෙසටයි උපදෙස් ලබා දී ඇත්තේ.

WhatsApp Group

Skip to content