පුස්සැල්ලෑව ප්‍රදේශයේ පාසල් සිසුවෙකු විදුලි පංකාවක ගැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මිය ගිය පිරිමි දරුවා වයස අවුරුදු 14 ක් වූ පුපුරැස්ස ප්‍රදේශයේ පාසල් සිසුවෙක්.

අදාළ සිසුවා තවත් සිසුන් කිහිපදෙනෙකු සමග පන්ති කාමරය තුළ සෙල්ලම් කරමින් සිටියදී පුටුවක ආධාරයෙන් මේසයක් මතට නැගීමේදී සිවිලිමේ සවි කර තිබූ විදුලි පංකාවේ ගැටී තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබු සිසුවා ගම්පහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

WhatsApp Group

Skip to content