සිව්වන වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුවෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්දයෙන් මාතර අකුරැස්ස ප්‍රදේශයේ කණිෂ්ඨ විද්‍යාලයක විදුහල්පතිවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය සිකුරාදා විදුහල්පතිවරයා විසින් මෙම පහර දීම සිදුකර ඇති අතර අදාළ සිසුවා නිවසට ගිය පසු එකවරම වමනය කිරීම හේතුවෙන් දෙමාපියන් දරුවාගෙන් ඒ පිලිබඳ ප්‍රශ්න කර තිබුනා.

එහිදී සිසුවා තමන්ට විදුහල්පතිවරයා කළ පහරදීම සම්බන්ධයෙන් දෙමාපියන්ට පවසා ඇති අතර පසුව ඔහු රෝහල් ගත කිරීමටයි මවුපියන් කටයුතු කර තිබුනේ.

අනතුරුව දෙමාපියන් විසින් මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර ඇති අතර ඒ අනුව අදාළ සැකකාර විදුහල්පතිවරයා ඊයේ සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content