පාසල් සිසුවියක් තම නිවසේ මුළුතැන්ගෙහි තුල ඊයේ (23) දින රාත්‍රියේ සාරියකින් ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇති බව බගවන්තලාව පොලිසිය පැවසුුුවා.

මෙසේ ගෙල වැළලාගෙන  සියදිවි හානි කරගෙන ඇත්තේ බගවන්තලාව වැපල්ටන් වත්තේ පදිංචිව සිටි එස්.ප්‍රියදර්ශනි නමැති 15 හැවිරිදි සිසුවියයි.

මියගිය පාසල් සිසුවිය බගවන්තලාව හොලිරොසරි දමිල මහා විද්‍යාලයේ 10 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි බවයි බගවන්තලාව පොලිසිය කියා සිටියේ.

මිය ගිය සිසුවියගේ පියා මව හැර ගොස් ඇති බවත්, මව කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිටින බවත්, හය දෙනෙකුගෙන් සමන්විත එම පවුල රැක බලාගනු ලබන්නේ මියගිය සිසුවියගේ වැඩිමහල් සහෝදරිය විසින් බවයි පොලිසිය කියා සිටියේ.

වැඩිමහල් සොහොයුරිය සමග ඇති කරගත් බහින් බස් විමක් හේතුවෙන් උරණ වි පාසල් සිසුවිය 23 දින රාත්‍රි 7 ට පමණ නිවසේ මුළුතැන්ගෙහි තුල ගෙල වැළලාගෙන සියදිව හානි කරගෙන ඇති බවට පොලිසිය සැකකරයි.

සිසුවියගේ මරණය සම්බන්ධයෙන් හදිසි මරණ පරික්ෂණය බගවන්තලාව හදිසි මරණ පරික්ෂක වරදන් ධනලක්ෂ්මි මහත්මිය විසින් පවත්වනු ලැබුහ.

ජිවිතක්ෂයට පත් සිසුවියගේ පශ්චාත් මරණ පරික්ෂණය දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය විසින් සිදු කල අතර , එහිදි පාසල් සිසුවියගේ ගෙල සිර විමෙන් සිදු වු මරණයක් බවට තහවුරු කර ඇත.

WhatsApp Group

Skip to content