හබරාදුව, කතලුව පාලම අසල මෝය ප්‍රදේශයේ දිය නාමින් සිටි පාසල් සිසුවකු  දියේ ගිලී අතුරුදන් ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන්  කරන්නේ අදාල සිසුවා සිය මිතුරෙකු සමග දිය නාමින් සිටියදී  දියවැලකට හසු ව ගසාගෙන ගොස් ඇති බවයි.

එම අවස්ථාවේ  ප්‍රදේශවාසීන් විසින් එක් සිසුවකු  බේරාගෙන තිබෙනවා.

අතුරුදන් වූ 14 හැවිරිදි පාසල් සිසුවා සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ

WhatsApp Group

Skip to content