නයිජීරියාවේ කුරිගා නගරයේදී පාසල් සිසුන් 100කට අධික පිරිසක් පැහැර ගැනීමකට ලක්ව තිබෙනවා.

කොල්ල කරුවන් පිරිසක් විසින් ගිනි අවි සමග යතුරු පැදි වලින් පැමිණ මෙම පැහැර ගැනීම සිදු කර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙලෙස පැහැරගත් පාසල් සිසුන් අවුරුදු 08ත් 15ත් අතර වයස් වල පසුවන අතර, ඔවුන් සමග ගුරුවෙරයෙකුද පැහැරගෙන තිබෙනවා.

කප්පම් ලබා ගැනීමේ අරමුණින් මෙම පැහැර ගැනීම් සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content