2023 වසර සඳහා පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි බෙදාහැරීමේ සමාරම්භක උත්සවය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වීමට නියමිතයි.

සපුගස්කන්ද පී.එෆ්. පෙරේරා ගබඩා සංකීර්ණයේ දී මෙම කටයුතු සිදු වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ. ඊට චීන තානාපති ෂී ෂැං හොංග් ඇතුළු පිරිසක් එක්වීමට ද නියමිතයි.

පාසල් නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවයෙන් සියයට 70ක් චීනයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබී තිබෙනවා.

 

WhatsApp Group

Skip to content