ලබන වසරේ සිට වාර විභාග අඩු කර එක් වසරකට එක් විභාගයක් පමණක් පවත්වන බව, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා.
එසේ වුවහොත් සෑම පාඩමක් හෙවත් මොඩියුලයක් අවසානයේ තක්සේරුකරණයක් හරහා ලකුණු පරිගණක සටහන් ලෙස වාර්තාගත කර තබා වසර අවසානයේ විභාග ලකුණුවලට එකතු කරන බව ද ඔහු සඳහන් කලා.
මුලදී මෙය විභාග ලකුණු සියයට 70 ක් සහ මොඩියුලයේ ලකුණු සියයට 30 ක් වශයෙන් සැලකෙන නමුත් ක්‍රමයෙන් එය සියටය 50 ක් දක්වා සමාන ලකුණු පරාසයකට ගෙන එන බවත් මේ ක්‍රමවේදය ක්‍රියාත්මක වීමේදී පාසල් පැමිණීම, රැඳීසිටීම සහ එදිනෙදා පන්තියේ වැඩකිරීම අනිවාර්ය වන බැවින් අමතර පන්තියෑමට අවකාශයක් හෝ අවශ්‍යතාවක් පාසල් සිසුන්ට ඇති නොවන බව ද අමාත්‍යවරයා පැවසුවා.

හේවාගම ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් සඳහා නිල ලාංඡන පැළඳවීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ පාසල් පෙළ පොත්වල ද වෙනසක් කරන බවයි.

WhatsApp Group

Skip to content