2023 ඩයලොග් පාසල් රග්බි ලීගයේ අවසන් තරග වටය අද ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව අද සහ හෙට තරග 05ක් පැවැත්වීමට නියමිතයි.

ඩී.එස් සේනානායක විද්‍යාල සහ ශාන්ත ජෝශප් විද්‍යාලය අතර තරගය කොළඹ හැව්ලොක් පිටියේදී පැවැත්වෙනු ඇති.

ඩී.එස් සේනානායක විද්‍යාලය , ශාන්ත තෝමස් විද්‍යාලය සහ ශාන්ත අන්තෝනි විද්‍යාලය පළමු වටයේ අවසන් සතිය නිමාවට පත්වන විට ඒ කාණ්ඩයේ ඉදිරියෙන් පසුවනවා.

පසුගිය සතිය නිමාවට පත්වුය් බ්‍රැඩ්බි පළිහේ පළමු වටය ජයග්‍රහණය කරමිනි.

කොළඹ රාජකීය විද්‍යාලය පරාජය කරමින් ලැබු මෙම ජයග්‍රහණය පිළිබද බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්ව තිබුණා.

WhatsApp Group

Skip to content