පාසල් නොයන ළමුන් හදුනාගෙන ඒ පිළිබඳ දත්ත පද්ධතියක් පවත්වාගෙන යන ලෙස කෝපා කමිටුව පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය සමග සම්බන්ධ වී මසකට වරක් හෝ මාස 2 කට වරක් මෙම තොරතුරු පාසල් මගින් ලබා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි කෝපා කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට පෙන්වා දී ඇත්තේ.

2019, 2020, 2021 වසරවල පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබද පරීක්ෂා කිරීමට රජයේ ගිණුම් පිළිබද කාරක සභාව හෙවත් කෝපා කමිටුව පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට පවරා තිබෙනවා.

WhatsApp Group

Skip to content