පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර මිහින්තලේ සහ තන්තිරිමලේ ප්‍රදේශවල පිහිටි පාසල් 11ක් ලබන 18වෙනිදා සිට 20වෙනිදා දක්වා වසා තැබීමට උතුරුමැද පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, අනුරාධපුර මධ්‍ය විද්‍යාලය, ස්වර්ණපාලි ජාතික පාසැල, වලිසිංහ හරිශ්චන්ද්‍ර මහා විද්‍යාලය, නිවත්තකචේතිය ජාතික පාසැල, සහිරා ජාතික පාසැල, විවේකානන්ද මහා විද්‍යාලය, දේවානම්පියතිස්ස පුර මහා විද්‍යාලය, මහාබෝධි විද්‍යාලය, මිහින්තලේ මහා විද්‍යාලය, මිහින්තලේ කම්මලක්කුලම විද්‍යාලය සහ තන්තිරිමලේ විමලඥාණ විද්‍යාලය වසා තැබීමට නියමිතයි.

WhatsApp Group

Skip to content