ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) පස්වරුවේ බලංගොඩ ශ්‍රී ධර්මානන්ද විද්‍යායතන පිරිවෙන වෙත පැමිණ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති සහ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ රාස්සගල පර්ශ්වයේ මහානායක පූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මුර්ති මහා නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

ශ්‍රී ලංකාව මේ වන විට අත්කරගෙන සිටින ආර්ථික සහ මූල්‍ය ප්‍රගතිය පිළිබඳව මහානායක හිමියන් දැනුවත් කරමින් උන්වහන්සේ සමඟ කෙටි පිළිසඳරක නිරත වු ජනාධිපතිවරයා විහාරස්ථානයේ සංවර්ධන කටයුතු පිළිබඳවද සොයා බැලීය.

සබරගමුව පළාත් ආණ්ඩුකාර කාර්යාලය මඟින් ශ්‍රී ධම්මානන්ද විද්‍යායතන පිරිවෙණේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ලබාදුන් රුපියල් මිලියනයක මුදලට අදාළ චෙක්පත මහ නායක හිමිපාණන් වහන්සේ වෙත පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

WhatsApp Group

Skip to content